Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නවගමුවට

පසුගිය සැප්තැම්බර් අගදී තම තැන්පතු මුදල් වලින් ලබාදීමට එකඟ වී තිබූ සියයට 10 ක මුදල ලබාදීමට ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයෙහි පොල් ගසා දේව කන්නලව්වක් සිදුකිරීමට සැරසෙනවා.
එම සංගමයේ සභාපතිනි අනූෂා ජයන්ති හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අද දහවල් මෙම දේව කන්නලව්ව සිදුකරන බවයි.