Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම අවට රථ වාහන තදබදයක්

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වට රවුම අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ ඔවුන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගයේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වන බවයි.
මේ අතර ජල සේවක විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල පැළවත්ත දෙසින් පාර්ලිමේන්තු මාර්ගය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.