Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගෙන් අනතුරු ඇගවීමක්

ලබන 27 වැනිදා වනවිට තැන්පතු මුදල්වලින් ලබාදීමට එකඟ වී ඇති ඉතිරි 10% ක කොටස ලබාදීමට කටයුතු නොකළහොත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ නිවාස වටලන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
එම සංගමයට නව සාමාජිකයන් බඳවා ගැනීම සහ සාමාජිකයන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ අද පැවති හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව කියා සිටියා.
තැන්පතු මෙලෙස යළි ලබාගැනීමට නොහැකිව 24,700 කට ආසන්න තැන්පතුකරුවන් පිරිසක් අසීරුතාවට ලක්ව ඇති බවයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනි එච්.එම්.අනූෂා ජයන්ති එහිදී කියා සිටියේ.
මෙම හමුවෙන් අනතුරුව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින් තමන් මුහුණ දී ඇති ගැටළුව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටට පැමිණ අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයකද නිරත වුණා.