ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව එහි තැන්පත්කාරිනියක වන අනූෂා ජයන්ති මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලිකව ගොනුකර ඇති නඩුව යළි කැඳවීම ලබන 29 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ, එම නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ අද කැදවූ අවස්ථාවේදියි. ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරන ජීවක, නාලක, දීපා සහ අසංක එදිරිසිංහ යන අයට සිය පෞද්ගලික රථවලින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළට පැමිණීමට අවසර ලබාදිය නොහැකි බවද මහේස්ත්‍රාත්වරිය මෙහිදී දැනුම්දී තිබෙනවා.
ඒ, පසුගිය 5 වනදා මෙම නඩුව කැදවූ අවස්ථාවේ ඔවුන් පෞද්ගලික රථවලින් අධිකරණ භූමියට පැමිණීමත් සමඟ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන්.
අධිකරණ භූමියට බාහිර පුද්ගලයින්ගේ මෝටර් රථ පැමිණීම තහනම් වූවත්, එම නඩුවට පෙනී සිටීම සඳහා ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් එදින සිය පෞද්ගලික මෝටර් රථවලින් පැමිණ සිටියා.