Gossips

ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනීමට අවසර

ඊ.ටී.අයි. ආයතනය තමන්ගෙන් රුපියල් ලක්ෂ 49 ක මුදලක් වංචා කිරීමට එරෙහිව එහි තැන්පතුකරුවන් දෙදෙනෙකු පැවරූ නඩුව මැයි මස 17 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, ඊට එරෙහිව ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂ මණ්ඩලය ගොනුකර තිබූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින්. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා ඉදිරියේ ඊට අදාළ චෝදනා කියවීමද සිදුවූ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
ඊ.ටී.අයි ආයතනය තමන්ගෙන් රුපියල් ලක්ෂ 49 ක මුදලක් ආපසු ගෙවීම පැහැර හැර වංචා කිරීම තුලින් සාපරාධී විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.
මේ අතර ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල – වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා තිබෙනවා.
තම තැන්පතු මුදල් යළි ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වෙන්නේ වෝඞ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටයි.