රට අරාජික වී ඇති බව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන් උත්සහ දරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ ඔවුන් මාධ්‍යය වෙතද තර්ජනය කරමින් සිටින බවයි.
මේ අතර ඊ. ඒ. පී. ගනුදෙනුව මෙන්ම හිල්ටන් සහ මහබැංකු ගනුදෙනු දූෂිත බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ කියාසිටියා.