Gossips

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

ඇඹිලිපිටිය – උඩගම ප්‍රදේශයේදී ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
පසුව අනාවරණ වී තිබුණේ ඊසි කෑෂ් ක්‍රමයට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මොවුන් නිරත වී ඇති බවටයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.