Gossips

ඊසි කෑෂ් ක්‍රමයට කුඩු බෙදූ පුද්ගලයෙකු ඇතුලු 9ක් අත්අඩංගුවට

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදාහැරීමේ නිරතවූ පුද්ගලයෙකු සහ ඒවා මිලදී ගත් පුද්ගලයින් අටදෙනෙකු දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දඹුල්ල, ගලේවෙල, ඉනාමළුව සහ සීගිරිය ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආසන්නයේ විදුලි පහන් කණුවල සහ බියර් බෝතල් තුළ සඟවා තිබූ හෙරොයින් පැකට් 16 ක්ද සොයාගෙන තිබෙනවා.