Gossips

ඊසානදිග මෝසමත් එයි – තවදුරටත් වැසි

ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර සඳහන් කළේ.
මේ අතර වර්ෂාව පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී සැළකිලිමත් වන ලෙසට අධිවේගී මාර්ග නඩත්තු හා සැළසුම් ඒකකය පවසනවා.
පැයට කිලෝමීටර 60 ක වේගය නොඉක්මවා තම රිය ධාවනය කරන ලෙසයි ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.