Gossips

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් උග්‍ර අතට

පලස්තීනුවන්ට වත්මන් ඊශ්‍රායලයේ පිහිටි ඔවුන්ගේ නිජබිම්වලට යළි පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස දියත් කෙරුණු විරෝධතාවට වසරක් පිරීමත් සමඟ ගාසා දේශසීමාවේ ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තාවනවා.
පලස්තීනුවන් දහස් ගණනක් ගාසා දේශසීමාවේ විරෝධතාවල නිරතවූ අතර, ඔවුන් ගල්මුල් එල්ල කරද්දී ඊශ්‍රායල හමුදා ජීව උණ්ඩ යොදා වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහිදී පලස්තීනුවන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 316 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
වසරක් තිස්සේ ක්‍රියාත්මක වූ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ විරෝධතාවයේදී පලස්තීනුවන් 200 කට ආසන්න පිරිසක් මියගිය අතර, එක් ඊශ්‍රායල හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එම කාලය තුළ වැඩිම ජීවිත හානි එනම්, පලස්තීනුවන් 60 දෙනෙකු මියගියේ ට්‍රම්ප් පරිපාලනය විසින් ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලය, ජෙරුසලම් නුවරට රැගෙන ගිය පසුගිය වසරේ මැයි 14 වනදායි.