Gossips

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඇවිග්ඩෝ ලිබර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රජය ගාසා තීරයේ දැනට සිදුකරන මෙහෙයුම් නතර කර සටන් විරාමයකට එකඟවීමට විරෝධය පළ කරමින් මොහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
පසුගියදා ඊශ්‍රායලයේ අමාත්‍ය මණ්ඩලය මෙලෙස සටන් විරාමයකට එකඟවීමට තීරණය කර තිබුණා.