Gossips

ඊශ්‍රායල අභ්‍යවකාශ යානයක් සඳ මතට කඩා වැටේ

චන්ද්‍රයාගේ ඡායාරූප සහ තවත් තොරතුරු ලබා ගැනීම සඳහා ඊශ්‍රායලය පළමුවරට කක්ෂගත කළ අභ්‍යවකාශ යානයක් සඳ මතට කඩා වැටී තිබෙනවා.
පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ ෆ්ලොරිඩාහි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයකින් මෙම යානය ගුවන් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, එහි එන්ජිමෙහි හට ගත් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩා වැටී ඇති බව සඳහන්.
යානය සඳ මතට සාර්ථකව ගොඩබැස්වීමට හැකිවූවා නම්, එවැනි ක්‍රියාවක් සිදුකළ ලොව සිව්වන රට බවට ඊශ්‍රායලය පත්වනු ඇති.
මීට පෙර රුසියාව, ඇමරිකාව සහ චීනය සඳ මතට සාර්ථකව අභ්‍යවකාශ යානා ගොඩබස්වා තිබෙනවා.