Gossips

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඇමරිකාවට

දූෂණ චෝදනා පරීක්ෂණයකට ලක්වී සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන සතියේ ඇමරිකානු සංචාරයක් අරඹනවා.
ඔහු ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප් හමුවීමට නියමිතයි.
ඊශ්‍රායල අගමැතිවරයා, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හඳුන්වන්නේ සිය රටේ සැබෑ මිතුරා ලෙසයි.
මතභේදයට ලක්වූ ජෙරුසෙලම් පුරවරය ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ද ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය දා පියවර ගත්තා.
තමාට එරෙහිව එල්ල වන චෝදනා ව්‍යාජ පුවත් ලෙස බැහැර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිහිප විටකදීම කටයුතු කළා.
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ද තමාට එරෙහිව එල්ල වන දූෂණ චෝදනා හඳුන්වන්නේ ව්‍යාජ පුවත් ලෙසයි. කෙසේ නමුත් එම චෝදනා ඔප්පු වුවහොත් ඔහුට ධුරයෙන් ඉවත්වීමට සිදුවනු ඇති.