Gossips

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.
එමඟින් හමාස් සන්නද්ධ පුහුණු කටයුතු සිදුකළ කඳවුරු රැසක් විනාශ කළ බවයි ඊශ්‍රායලය කියා සිටියේ.
එමෙන්ම එය 2014 වසරට පසු හමාස් ඉලක්ක කරගෙන එල්ල කළ විශාලතම ප්‍රහාරය බව ඔවුන් සඳහන් කළා.
ඊශ්‍රායලය මෙම ප්‍රහාරය දියත් කළේ ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර රැසක් එල්ලවීමෙන් අනතුරුවයි.
එමෙන්ම සරුංගල් සහ බැලූන මගින් සිය ගොවි බිම් ගිනි තැබීමට පලස්තීන හමාස් සංවිධානය කටයුතු කිරීම පිළිබඳව ඊශ්‍රායලය පසුවන්නේ බලවත් උදහසින්.
පලස්තීන ප්‍රතිචාරය අනුව ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළා.