Gossips

ඊයේ වැඩ භාරගත් නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති අද එෆ්.සී.අයි.ඩී. යට

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා.
ඒ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායී.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (14) සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
මීට පෙර කළ පැමිණිල්ලකට අනුව අද ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණීමට නියමිතයි.