Gossips

ඊයේ රෑ IPL පිටිය වෙනස් කළ පන්දු දොළහේ සුපිරි ඉනිම

ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 13 වන තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම් එකිනෙකා මුණගැසුනේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩන් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරඟයෙන් ලකුණු 71ක දැවැන්ත ජයක් ලැබීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 09කට ලකුණු 200ක් රැස් කළා.
එහිදී නිතිශ් රනා පන්දු 35කදී ලකුණු 59ක් රැස්කළේ හයේ පහර 04ක් සහ හතරේ පහර 05ක් සමඟින්.
කොල්කටා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ඇන්ඩි රසෙල් වේගවත්ලකණු 41ක් රැස් කළේ පන්දු 12ක් පමණක් වැය කරමින්.
ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 06ක් ඇතුළත් වුණා.
රසෙල්ගේ මෙම ඉනිම ඊයේ තරඟයේ දී ක්‍රීඩකයෙකු වාර්තා කළ සුපිරි ඉනිම බවට පත් වුණා.
පන්දු යැවීමේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන් බෝල්ට් සිය පන්දුවාර 04 තුල ලකුණු 29කට කඩුලු 02ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.
ක්‍රිස් මොරිස් සහ රාහුල් පිළිවෙලින් කොල්කටා කඩුලු 02ක් සහ 03ක් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 02ක් තුල සියල්ලන් දැවී රැස්කළ ගත හැකිවුයේ ලකුණු 129ක් පමණයි.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ගලෙන් මැක්ස්වෙල් ලකුණු 47ක් සහ රිෂබ් පන්ට් ලකුණු 43ක් රැස් කළා.
දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් දිල්ල ඉනිම වැනසූ සුනිල් නරායන් පන්දුවාර 03ක් තුල ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමුවා.
මේ වන විට තරඟ හතර බැගින් ක්‍රීඩා කර ඇති කොල්කටා සහ දිල්ලි කණ්ඩායම් ප්‍රසාද ලකුණු ලබා ගැනීම්වල පිළිවෙලින් දෙවන සහ හත්වන ස්ථානයන් හි පසුවනවා.
ඇන්ඩි රසෙල්ගේ ඉනිම පහතින්.
rnrnrn