පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ (25) රාත්‍රියේ ඇති වූ වෙඩි හුවමාරුවේදී පළා ගිය සැකකරුවන් සොයා අකුරැස්ස – විල්පිට රක්ෂිතයේ මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ කළ බවයි.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස සැලකෙන මානෙල් රෝහණ හෙවත් තිලක් නැමති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
එහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ත්‍රීරෝද රථයේ සිට මිය ගිය තිලක් නැමැත්තාට අමතරව අනෙක් දෙදෙනා පළා ගොස් තිබුණා.
