දුුම්රිය පා පුවරුවේ ගිය තරුණයෙක් ඇද වැටී මියයයි (ඡායාරූප)
වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී දුම්රියෙන් ඇද වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ සවස කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ පා පුවරුවේ ගමන් කළ මෙම තරුණයා ඉන් ඇද වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මියගිය තරුණයා චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් බව සඳහන්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වව්නියාව රෝහලට යොමුකර තිබෙනවා.
ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය
