Gossips

ඊයේ තරඟයෙන් පසුව චන්දිමාල්ගේ ඇස්වලට සිදුවූ දේ ?

ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වන එක්දින තරගය කඩුලු හතකින් ජයගැනීමට එංගලන්තය ඊයේ සමත්වුණා.
ඊයේ තරඟයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැමිණියේ නෑ.
එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක නිරෝෂන් දික්වැල්ල පැවසුවේ චන්දිමාල්ගේ ඇස් වල ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු එම අවස්ථාවට එක් නොවූ බවයි.
මේ අතර තරඟය පිළිබඳව අදහස් දක්වමින් දික්වැල්ල ප්‍රකාශ කළේ ඊයේ තරඟ පරාජයට හේතුව මැද පෙළ පිතිකරණය ශක්තිමත් නොවීම බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තරඟයේ අවසානය මෙසේ වෙනස් වීමට ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රබල බලාපොරොත්තුවක් වූ මැදපෙළ ක්‍රීඩක තිසරගේ දැවී යාම හේතු වූ බවටයි.
වර්ෂාව හේතුවෙන් ඊයේ තරඟය පන්දු වාර 21 කට සීමාවූ අතර, තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 3 ක් තුලදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.
තරඟ පහකින් සමන්විත එක්දින තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.