Gossips

ඊමේල් වංචා ගැන මහ බැංකුවෙන් යළි සිහි කැඳවීමක්

වංචා සහගත මූල්‍ය ගණුදෙනු සහ වංචනික ඊමේල් පණිවුඩ පිළිබඳව සැළකිලිමත් වන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වංචාකරුවන් මහ බැංකු ලාංඡනය, මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ ඡායාරූප සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිත කරන බවටයි තොරතුරු වාර්තාවී ඇත්තේ.
ව්‍යාජ ඊමේල් ලිපිනයන් ඊට යොදාගැනෙන අතර, යම් දිනුම් ඇදීමකින් ත්‍යාග හිමිවී ඇති බව පවසමින් මූලික මුදලක් එම ත්‍යාග ලබාගැනීමට තැන්පත් කරන ලෙසද වංචාකරුවන් ඊමේල් පණිවුඩ මගින් දන්වනවා.
ඒ, අනන්‍යතාව තහවුරු කිරීම පිණිස හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් විස්තර වැනි තොරතුරුද ලබාගනිමින්.
මෙවන් මූල්‍ය ත්‍යාග වැඩසටහන්වලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බවයි මහ බැංකුව පවසන්නේ. සැකකටයුතු ඊමේල් පණිවුඩ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.