Gossips

ඊජිප්තු ජනපති ධුර කාලය දීර්ඝ කිරීමට මත විමසුමක්

හමුදා නායකත්වයෙන් ඊජිප්තුවේ ජනාධිපති ධුරයට පත්වූ අබ්දුල් ෆටා අල් සිසීගේ ධුර කාලය වසර 2030 දක්වා දීර්ඝ කළ හැකි ව්‍යවස්ථා සංශෝධන පිළිබද ජනමත විචාරණයක් අද ආරම්භ වනවා.
විදේශයන් හි වෙසෙන මිලියන 9.5ක් ඇතුළු ඊජිප්තුවාසීන් අද සිට දින 3ක් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කරන අතර ඊට ජනපති සිසීගේ අනුගාමිකයින් බහුතරයක් සිටින පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊට පෙර හිමි වුණා.
ඊජිප්තු ජනපති ධුර කාලය වසර 06 දක්වා දීර්ඝ කිරීම මෙන්ම අබ්දුල් ෆටා අල් සිසීට ජනාධිපතිවරණය සඳහා තුන් වන වරටත් ඉදිරිපත් වීමට අවස්ථාව සැලසීම ජනමත විචාරණයේ අරමුණයි.