Gossips

ඊජිප්තුව 75 දෙනෙකුට මරණ දඩුවම නියම කරයි

ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස සැළකෙන දැනට සිරගත කොට සිටින මොහොමඩ් මෝසිට සහය පළ කරමින් උද්ඝෝෂනවල නිරතවූ 75 දෙනෙකුට එරට අධිකරණය ඊයේ මරණ දඩුවම නියම කළා.
මෝසිගේ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයන්ද ඊට ඇතුළත්.
ඊජිප්තුවේ වර්තමාන ජනාධිපති අබ්දෙල් ෆටා අල් සීසී එවකට ඊජිප්තු හමුදා ප්‍රධානියා ලෙස 2013 වසරේ පැවති එම උද්ඝෝෂණය ස්වයංක්‍රිය ගිනි අවි යොදාගනිමින් මර්දනය කරනු ලැබුවා.
එහිදී පුද්ගලයන් 817 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පසුව නිකුත් කෙරුණු මානව හිමිකම් වාර්තාවක සඳහන් වුණා.
කෙසේ නමුත් එම ඝාතනවලට මුස්ලිම් සහෝදරත්වයේ විරෝධතාව හේතුවූ බවට චෝදනා කරමිනුයි එහි අනුගාමිකයන් 75 දෙනෙකුට මෙලෙස මරණ දඩුවම නියම කර ඇත්තේ.