Gossips

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක්ගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

කොටස් වෙළඳපොල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා වන අලා සහ ගමාල් මුබාරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටස් වෙළඳපොලට නොදන්වා වෙනත් සමාගම්වල නමින් ප්‍රධාන පෙළේ බැංකුවල පාලන කොටස් මිලදී ගත් බවට ඔවුන් වෙත චෝදනා එල්ලවන බව සඳහන්.
ධනවත් ව්‍යාපාරිකයන් වූ ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළා.
ඊජිප්තු අධිකරණයේ ඊයේ පෙනී සිටි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
දේශපාලනයේ නිරත නොවූවද, සිය පියාගේ සබඳතා අනුව අයථා ලෙස මුදල් ඉපයූ බවටද ඔවුන් වෙත චෝදනා එල්ලවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඔවුන්ගේ පියාවන හොස්නි මුබාරක් 1981 සිට 2011 වසරේ ජනතා නැගී සිටීමකින් කැරැල්ලකින් බලයෙන් පහකරන තුරු ඊජිප්තුවේ පාලන බලය හොබවනු ලැබුවා.