Gossips

ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 15 ක් මරුට

ඊජිප්තුවේ – කයිරෝ නුවර ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ තවත් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි.
මගී දුම්රියක භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.
අනතුරින් මියගොස් ඇත්තේ මගී ප්‍රවාහන දුම්රියේ ගමන් ගත් මගීන් 15 දෙනෙකු බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.