Gossips

ඊජිප්තුවෙන් මමි බවට පත් කළ බළල් සිරුරු රැසක් සොයාගැනේ

ඊජිප්තුවේ පිරමීඩ ආශ්‍රිත සොහොන් බිම්වලින් මමි බවට පත් කළ බළලුන්ගේ සිරුරු රැසක් සොයාගෙන ඇති බව වාර්තාවනවා.
වසර 4,000 කට වඩා පැරණි මෙම බළල් මමි සොයාගෙන ඇත්තේ කයිරෝ නගරයට දකුණෙන් වූ සක්කාරා ප්‍රදේශයෙන්.
ඉපැරණි ඊජිප්තුවේ අගනුවර වූ මෙම්ෆිස් නුවර සොහොන් බිම ලෙස මෙම ප්‍රදේශය යොදාගෙන ඇති බව සඳහන්.
බළලූන් මරණින් මතු ජීවිතයේදී වැදගත් වන සත්වයෙකු ලෙස පැරණි ඊජිප්තු වාසීන් විශ්වාස කළ බව සඳහන්.
එක් සොහොන් බිමකින් බළල් මමිවලට අමතරව බළලූන්ට අධිපති දෙවඟනගේ ලෝකඩ ප්‍රතිමාවක්ද හමුවී තිබෙනවා.