Gossips

ඉහළ ගිය එළවළු මිල වසර අවසන් වන තුරු

වෙළදපොළේ ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් මේ වසර අවසන් වන තෙක් එලෙසම පවතිනු ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට වෙළදපොළේ උඩරට සහ පහත රට එළවළු කිලෝග්‍රෑමයක තොග මිල පවතින්නේ රුපියල් 150ත්, 250ත් අතර මට්ටමකයි.
පසුගිය දින කිහිපය තුළ බලපෑ අධික වර්ෂාපතනය මෙලෙස එළවළු මිල ගණන් ඉහළ යාමට හේතු වී තිබෙනවා.
මේ අතර, කිලෝග්‍රෑමයක් රුපියල් 150ක්ව පැවති අමු මිරිස් කිලෝව මේ වන විට රුපියල් 500ත්, 700ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළදපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.