Gossips

ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘතයි – රත්නපුරයට නායයෑමේ අවදානම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා ඉහළ කොත්මලේ ජලාශයේ සියලූම වාන් දොරටු විවෘත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්වන ලෙසටයි දැනුම්දෙන්නේ.
වාන් දොරටු විවෘත කිරීමත් සමග සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම ද වැඩිවී තිබෙනවා.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, බලංගොඩ, ඉඹුල්පේ, කලවාන, නිවිතිගල, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ එය ඉදිරි පැය 24 සඳහා බල පැවැත්වෙනු ඇති බවයි.