Gossips

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වෙයි

ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.
මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22) අලුයම ස්වයංක්‍රීයව විවෘතව ඇති බව සඳහන්.
හෝටන්තැන්න, ඩයගම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ අධික වර්ෂාවක් පැවතියා.
එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණොත් ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ කොත්මලා ඔය අවට පදිංචිකරුවන් දැඩි විමසිලිත්ව සිටින ලෙසයි දැනුම් දෙන්නේ.