Gossips

ඉහළ කොත්මලේ ජලාශයේ මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ල අසල පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.
එම සිරුර දිඹුල බෝගහවත්ත ප්‍රදේශයෙන් අනතුරුදන්ව සිටි අයෙකුගේ බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔහු 88 හැවිරිදි තිදරු පියෙක්.
පසුගිය 13 වනදා සිට මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඥාතීන් දිඹුල පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
එමෙන්ම ඔහු මානසික රෝගයකින් පෙළෙන අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ල අසල මෙම සිරුර පාවෙමින් තිබියදී ජලාශයේ ආරක්ෂක නිලධාරීන් විසින් ඒ පිළිබඳ තලවකැලේ පොලිසිය දැනුවත් කර තිබුනා.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර තලවකැලේ පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.