Gossips

ඉහළින් පියඹාගොස් රැකගත් සුපිරි උඩපන්දුව

පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේදී අෆ්රිඩි විසින් රැකගත් සුපිරි උඩපන්දුවක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.
තරඟාවලියේ 2 වන තරඟයේදීයි ඔහු මෙම සුපිරි රැකගැනීම සිදුකරන්නේ.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ Karachi Kings කඩුලු 9 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 149ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Quetta Gladiators කඩුලු 9ක් දැවී පන්දුවාර 20 අවසානයේ රැස්කරගත්තේ ලකුණු 130ක් පමණයි.
එහිදී 12 වන පන්දුවාරයේ Umar Amin විසින් එල්ලකළ දැවැන්ත පහරක් හතරේ සීමාව ආසන්නයේ සමබරතාව රැකගනිමින් සුපිරි ක්‍රීඩක අෆ්රිඩි විසින් රැකගත් ආකාරය වෙතයි මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ.
එහිදී ඔහු තම දකුණතින් හතරේ සීමාව පසුකර පතිත වන්න යන පන්දුව ආරක්ෂිතව රැකගෙන එය පිටිය තුලට නැවත හරවා විසිකරමින් නැවතත් රැකගනු ලබනවා.
එම විශේෂ අවස්ථාව පහතින්.
rn