Gossips

ඉහල කොත්මලේ ජලාශයේ නාඳුනන කාන්තා මළසිරුරක්

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මළසිරුරක් අද (04) උදැසන ගොඩ ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.
ඉහල කොත්මලේ ජලාශය මධ්‍යයේ මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් දැක ඒ බව තලවකැලේ පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු තලවකැලේ පොලිසිය විසින් බෝට්ටුවක් ආධාරයෙන් සිරුර ගොඩ ගෙන පරික්ෂා කිරිමේදී එය කාන්තා මල සිරුරක් බවට තහවුරු වි තිබෙනවා.
දින කිහිපයක් ජලාශයේ මෙම මළසිරුර තිබෙන්නට ඇති බවත්, මල සිරුර හදුනාගත නොහැකි ආකාරයට නරක් වි තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ජලාශයේ තිබී ගොඩ ගත් කාන්තා මළසිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මළසිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය ප්‍රකාශ කරා.