Gossips

ඉසෙඩ් ඩී ඇළට කැබ් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මරුට (ඡායාරූප)

පොළොන්නරුව – අරලගංවිල – ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලී තිබෙනවා.
අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගිය එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචි සමන් දිසානායක නමැත්තෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
ඇළට පෙරළුණු කැබ් රථයේ තවත් පුද්ගලයින් සිටී ද යන්න පිලිබඳව කිමිඳුම්කරුවන් යොදා පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.


(ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න)