Gossips

ඉසෙඩ් – ඩී ඇලේ අලි මෙහෙයුම

පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයෙන් ඉසෙඩ් – ඩී ඇලට වැටී සිටි වන අලියෙකු ඉන් ගොඩගෙන එම ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකට පලවා හැරීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.
අද (08) අලුයම හයට පමණ ඇලට වැටී ඇති මෙම වන අලියා වැලිකන්ද වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ පැය හයක පමණ මෙහෙයුමකින් අනතුරුව ඇලෙන් ගොඩ ගැනීමට සමත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ අවුරුදු 25ක් පමණ වන මෙම සත්වයා ඉසෙඩ් – ඩී ඇලෙන් ජලය බීමට උත්සහ කිරීමේදී ඇලට වැටී ඇති බවයි.





ඡායාරූප – මනම්පිටිය, නිමල් ජයරත්න