Gossips

ඉසෙඩ් ඩී ඇලට බිලිවෙන්න ගිය සහෝදර ජීවිත බේරාගත් පුංචි වීරයා සොයා ගිය ගමන

අරලගංවිල – ඉසෙඩ් ඩී ඇලට ත්‍රීරෝද රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව අප ඊයේ (26) දිනයේද තොරතුරු වාර්තා කළා.
එහි ගමන් ගත් සියලු දෙනාගේ දිවි බේරාගැනීමට හැකි වුයේ අවුරුදු 11ක් වයසැති කුඩා දරුවෙකුගේ හපන්කමක් නිසයි.
අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේ සිට මැදගම දක්වා ඉසෙඩ් ඩී ඇළට සමාන්තරව දිවෙන මාර්ගයක් ඔස්සේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් ඊයේ (26) පස්වරුවේ ඇළට පෙරළී ගොස් තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේදි ත්‍රීරෝද රථයේ එකම පවුලේ පියා සහ දරුවන් තිදෙනා ගමන් කරමින් සිටි අතර ඒ අතර මාස 5ක් වයසැති බිළිඳියක්ද සිට තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සියලු දෙනා නිරුපද්‍රිතව දිවි බේරාගැනිමට සමත් වූ අතර ඊට ප්‍රධානතම වගකිව යුත්තා වන්නේ එම පවුලේ සිටි වැඩිමහල් පිරිමි දරුවායි.
තවමත් පාසැලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිඳු ලක්ෂාන් පියා සමඟ එක්ව සිය සහෝදර සහෝදරියන් බේරාගැනීමට මේ ජල කඳ සමඟ නොබියව සටන් කර තිබුණා.
අප අද ඒ පුංචි වීරයා සොයාගෙන ඔහුගේ ගමට ගියා.