Gossips

ඉසෙඩ් ඩි ඇලට වැටී මියගිය අලියෙකුගේ සිරුරක් ගොඩ ගනී (ඡායාරූප)

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් ඉසෙඩ් ඩී ඇලට වැටී මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් ගොඩගෙන තිබෙනවා.
ඊයේ ගොඩට ගත් මෙම වන අලියා දින 5 කට පමණ පෙර ඇලට වැටී මරණයට පත්වන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ.
අවුරුදු 15 ත් 20 ත් අතර වයසක පසුවන මෙම අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විසින් අද සිදු කිරීමට නියමිතයි.

ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර