Gossips

ඉසිපතන පරදා ශා.ජෝෂප් ජයගනී

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ඉසිපතන කණ්ඩායම පරදවා ලකුණු 18 ට 17 ක තියුණු ජයක් ලැබීමට මරදානේ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය රග්බි පිල සමත්වුණා.
තරගයෙන් අර්ධයක් අවසානයේ ඉසිපතන පිල 17 ට 6 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර, ශාන්ත ජෝෂප් පිල දෙවන අර්ධයේදී පෙරමුණට පැමිණුනේ ඉසිපතන පිලට තවත් කිසිදු ලකුණක් හෝ ලබා නොදෙමින්.
මේ අතර 75 වන වරටත් පැවති රාජකීය – ශාන්ත පීතර වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 12 ට 8 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර පිල සමත්වුණා.
ශාන්ත පීතර විද්‍යාලයීය නව රග්බි ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයද මෙයයි.