Gossips

ඉස්සර කරලා මග හරස්කර මෝටර් රථයට සද්දෙ දාලා රන්නෙ අයියලා මහදවල් දාපු සෙල්ලම මෙන්න

ඉස්සර කරලා මග හරස්කර මෝටර් රථයට සද්දෙ දාලා රන්නෙ අයියලා මහදවල් දාපු සෙල්ලම මෙන්න
යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකට මග අවහිර කරමින් තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ රන්න ප්‍රදේශයෙන්.
ප්‍රධාන මාර්ගයේ ගමන්කරමින් තිබූ මෝටර් රථයක් පසුකර යන යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මෙලෙස මෝටර් රථයේ රියදුරුට තර්ජනය කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
කෙසේ වෙතත් අනතුරුව මාර්ගය අසල සිටි පොලිස් නිලධාරියෙකු එම යතුරුපැදිකරුවන්ට නතරවන ලෙස සංඥා කලද එයද නොතකමින් ඔවුන් සිය යතුරු පැදිය ධාවනය කරනු ලබනවා.
එම අවස්ථාව අදාළ මෝටර් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.