Gossips

ඉවසුවා ඇති ජන රැළිය මාර්තු 08 මහනුවරදී

විපක්ෂය සංවිධාන කරන "ඉවසුවා ඇති" ජන රැළිය මාර්තු 08 වැනිදා මහනුවරදී පැවැත්වීමට නියමිත බව මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
'ඉවසුවා ඇති' ජන රැළිය මාර්තු 08 වැනිදා මහනුවර ප්‍රධාන වෙළෙඳපොළ අසළදී පැවැත්වෙන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ජීවන වියදමට, බෙදුම්වාදී ව්‍යවස්ථාවට, මැතිවරණ කල් දැමීමට, හොරකමට, රාජ්‍ය දේපළ විදේශීකරණයට එරෙහිව එය සංවිධාන කර තිබෙනවා.