Gossips

ඉවත් වූ 16 විපක්ෂයේ අසුන් ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්ට ලියයි

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සඳහා විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (20) ලිඛිතව දන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඊට අදාළ අත්සන් ලේඛණය අද භාර දෙන බව මීට පෙර ප්‍රකාශ කළත් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු විදේශ ගතව සිටින නිසා එය නුදුරු දිනකට කල් දැමූ බවයි ඔහු කියා සිටියේ.
නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබුණේ එම කණ්ඩායමේ තීන්දු තීරණ ජනාධිපතිවරයා වෙත දැනුම්දීම සඳහායි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසුල් ප්‍රේමජයන්ත ද මේ වනවිට විදේශ ගතව සිටිනවා.