Gossips

ඉල්ලීම් නොලැබුණහොත් වර්ජනය අඛණ්ඩව

තම ඉල්ලීම්වලට විසදුම් ලබානොදුනහොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.
එම බල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති 16ක් අද පෙරවරු 7 සිට වර්ජනයක් ආරම්භ කළේ උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින්. කෙසේ වෙතත්, මෙම වර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මකයි.
හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කර ඇති මෙම සංකේත වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ල වුණා.