Gossips

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පුල්මුඩේ ඛනිජ වැලි සේවකයින් උපවාසයකට යයි

ප්‍රසාද දීමනා ලබානොදීම සහ ආයතනයේ සිදුව ඇති බව කියන දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා පුල්මුඬේ ඛනිජ වැලි සේවක සංගමය අද මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සැරසෙනවා.
ඊයේ දිනයේදී ඔවුන් සේවයෙන් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර, අද මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි ජාතික සේවක සංගමයේ සභාපති සමීර සම්පත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.