තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.
