Gossips

ඉල්ලා අස්වීම විසඳුම නොවේ -ඡන්ද කොමිසමේ සභාපතිට විපක්ෂ නායක මහින්දගෙන් ප්‍රතිචාර

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ ගැටළුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත්වීමෙන් විසඳිය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
වැල්ලවත්ත මයුරපති කෝවිලේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවයි.
මහින්ද දේශප්‍රිය කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම තුළින් අදාළ ගැටළුවට විසඳුමක් නොලැබෙන බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.