Gossips

ඉල්ලා අස්වන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එම කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් තමන් මෙලෙස ඉල්ලා අස්වන බවයි ඔහු කියා සිටියේ.
ජනාධිපතිවරණය නොවැම්බර් 9 සහ දෙසැම්බර් 9 අතර කාලසීමාවේදී පැවැත්වීමට නොහැකි වුවහොත් ඊට විරෝධය දැක්වීමක් ලෙස තමන් තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.