ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් ඊයේ රැස්වී සාකච්ඡා කළ බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
මුලතිව්හි පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රතිසංවිධාන යෝජනා පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමු කර ඇති බව සඳහන්.
විශේෂයෙන් පසුගිය පලාත්පාලන මැතිවරණයේදී සිදුවූ පසුබෑම පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මාධ්‍ය වෙත කියා සිටියේ.
