Gossips

ඉරාන හමුදා පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයෙන් 8 දෙනෙකු මරුට – 20 කට තුවාල

ඉරානයේ යුද හමුදා පෙළපාලියකදී සිදුවූ වෙඩි තැබීමෙන් දැනට පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම වෙඩි ප්‍රහාරයෙන් දැනට තුවාල ලබා ඇති බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.
නිරිතදිග ඉරානයේ අහ්වාස් නුවර පැවැති මෙම පෙළපාලියේදී හමුදා ඇඳුමෙන් සැරසුණු සන්නද්ධ පිරිසක් පිටුපසින් සිට පෙළපාලියේ ගමන් ගත් සෙබලූන්ට වෙඩි තබා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළා.