ඉරානයේ යුද හමුදා පෙළපාලියකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.
නිරිතදිග ඉරානයේ අහ්වාස් නුවර අද පැවැති මෙම පෙළපාලියේදී හමුදා ඇඳුමෙන් සැරසුණු සන්නද්ධ පිරිසක් පිටුපසින් සිට පෙළපාලියේ ගමන් ගත් සෙබලූන්ට වෙඩි තබා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළා.
එහිදී ජීවිත හානි වාර්තා වන අතර, තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.
කෙසේ නමුත්, ඒ පිළිබදව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.
