ඉරාන නාවික හමුදාවට අයත් බුෂේර්, ලාන් සහ බයන්ඩෝර් යන යුද නෞකා ත්රිත්වය සුහද සංචාරයක් සඳහා ඊයේ (15) කොළඹ වරායට පැමිණියා.
එහිදී නාවික හමුදාව විසින් ඔවුන් නාවික සාම්ප්රදායානුකූලව පිළිගනු ලැබූ අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවූ බවයි නාවික හමුදා වෙබ් අඩවිය සඳහන් කළේ.
දිවයිනේ රැඳී සිටින කාලය තුළ ඉරාන යුද නෞකා තුනේ සිටින නැවියන් ශ්රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු කටයුතු සහ නැව්මුළුවලට එක්වන අතර, ලබන 18 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.