Gossips

ඉරාන නව න්‍යෂ්ටික බලාගාරයක් සඳහා රුසියාව සමඟ සාකච්ඡා

මෙගාවොට් 3,000 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කළ හැකි නව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා යළි ආරම්භ කළ බව ඉරානය පවසනවා.
දැනට එරට න්‍යෂ්ටික බලයෙන් විදුලිය උත්පාදනය කෙරෙන්නේ මෙගාවොට් දහසක් පමණයි.
රුසියාව විසින් 2017 වසරේදී ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකළ අතර, තවත් බලාගාර 8 ක් තැනීමට ප්‍රතිඥා දුන්නා.
ඉරානය, සිය සාමකාමී න්‍යෂ්ටික බල වැඩසටහන සම්බන්ධයෙන් මහ බලවතුන් සමඟ ඇතිකරගත් ගිවිසුමෙන් ඇමරිකාව පසුගිය මැයි මාසයේදී ඉවත්වුණා.
එමෙන්ම ට්‍රම්ප් පරිපාලනය මේ මස මුලදී ඉරානයට එරෙහි නව සම්බාධක ද ප්‍රකාශයට පත් කළා.