Gossips

ඉරාන තෙල් වෙනුවට තේ හුවමාරු කිරීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සඳහා මෙරට තේ අපනයන හිලව් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව ජගත් සංවිධානය විසින් ක්‍රියාත්මක කරන සම්බාධක හේතුවෙන් එරට සමඟ මූල්‍ය ගණුදෙනු සිදුකිරීම මේ වනවිට ගැටළුවක්ව පවතිනවා.
විශේෂයෙන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහි ජගත් සංවිධාන සම්බාධක දැඩි කළ යුතු බවට බලපෑම් සිදුකරන බව සඳහන්.
ශ්‍රී ලංකාව අපනයනය කෙරෙන තේවලින් වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නේ මැදපෙරදිග රටවල් විසින්. ඒ අතුරෙන් ඉරානය මෙරට තේ සඳහා ඉහළම මිලක් ගෙවන රටක් බව තේ කොමසාරිස් ජේ.කේ. එදිරිසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මේ නිසා ශ්‍රී ලංකාව ලබාගන්නා ඉන්ධනවලට සමාන වටිනාකමකින් යුත් තේ ඉරානයට යැවීමට කටයුතු කළ හැකියි.
එහෙත් එය තවමත් යෝජනාවක් පමණක් වන අතර, අදාළ යෝජනාව ශ්‍රී ලංකා මහබැංකුව වෙත යොමුකර ඇති බවයි තේ මණ්ඩලය සඳහන් කර ඇත්තේ.